මගේ තැන ගන්න කිහිපදෙනෙක් ඉන්නවා – දිමුත්

මගේ තැන ගන්න කිහිපදෙනෙක් ඉන්නවා – දිමුත්

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ඊයේ (20) නායකත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදු කළා.

එහිදී ඔහු පවසා සිටියේ තමන්ට මෙම ටෙස්ට් තරගාවලියෙන් පසුව නායකත්වයෙන් සමුගැනීමට අවශ්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව දැනුවත් කළ බව යි.

ඊයේ පාකිස්තානයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියෙන් අනතුරුවයි ඔහු මේ පිළිබඳව පවසා සිටියේ.

නායකත්වයෙන් ඉවත් වුණද පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කිරීමට තමන් කැමති බව‍යි ඔහු ප්‍රකාශකර සිටියේ.

එහිදී වැඩිදුරටත් දිමුත් පවසා සිටියේ මෙවැනි අදහසක්.

“නායකත්වයෙන් ඉවත් වෙන්න අවශ්‍ය බව මා කලින්ම තේරීම් කමිටුවට කීවාම තව ටිකක් ඇදන් යන්න කියලා කිව්වා. නමුත් මේ තරගාවලියෙන් පස්සේ මා කැමැතියි නායකත්වයෙන් ඉවත් වෙන්න. පිතිකරුවෙක් විදිහට පූර්ණ අවධානය යොමු කරන්න මට පුළුවන්. කණ්ඩායමේ නායකත්වයට සුදුසු කිහිප දෙනකුම මා දකිනවා. ඔවුන් හොඳ තැනකට ඇවිත් තියෙනවා. අපිට මීළඟ ටෙස්ට් තරගාවලිය තියෙන්නේ ලබන පෙබරවාරි මාසයේ. ඒ නිසා කල් තියෙනවා අලුත් නායකයෙකු තෝරන්න” යනුවෙන්