වැලිකන්ද සහ පුනානි අතර නාමල්ගම දුම්රිය හරස් මාර්ගය දින දෙකකට වැසේ

වැලිකන්ද සහ පුනානි අතර නාමල්ගම දුම්රිය හරස් මාර්ගය එළඹෙන 29 සහ 30 දෙදින තුල වාහන ගමනාගමනය සදහා සම්පූර්ණයෙන් වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් 29 වනදා පෙරවරු 7 ට මාර්ගය වසා දැමෙන අතර එය යළි ගමනාගමනයට විවෘත වන්නේ 30 වනදා පස්වරු 4.30 ටයි.
මේ හේතුවෙන් එම දින දෙකෙහි එම දුම්රිය හරස් මාර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි දුම්රිය දෙපාර්තමේන්තුව රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ.

