පාකිස්තාන – ශ්‍රී ලංකා ටෙස්ට් තරඟයේ දෙවන දිනය අද

පාකිස්තාන – ශ්‍රී ලංකා ටෙස්ට් තරඟයේ දෙවන දිනය අද

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (25)යි.

තරගයේ ඊයේ (24) දිනය නිමාවන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන පාකිස්තාන කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 145ක් රැස්කරගෙන සිටියේය.

Abdullah Shafique නොදැවී ලකුණු 74ක් රැස්කරගෙන සිටින අතර නායක Babar Azam නොදැවී ලකුණු 51ක් රැස්කර ගෙන සිටී.

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 166කට සීමා වුණි.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 57ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 34ක්, රමේෂ් මෙන්ඩිස් ලකුණු 27ක් රැස්කළහ.

පන්දු යැවීමේ දී Abrar Ahmed කඩුල් 4ක් හා Naseem Shah කඩුලු 03ක් දවාගැනීමට සමත් වුණි.

COMMENTS