ලෝක විවාහක මිහිතල රැජින කිරුළ ශ්‍රී ලංකාවට

ලෝක විවාහක මිහිතල රැජින කිරුළ ශ්‍රී ලංකාවට

පිලිපීනයේ මැනිලා නුවර Bay Area Paranaque නගරයේ පැවැති 2023 ලෝක විවාහක මිහිතල රැජින කිරුළ හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ සශ්මි දිසානායක සමත් වී තිබෙනවා.

මෙහිදී ඇය Mrs Earth best in catwalk, Overall best in Gown, Overall Best in Resort wear, Best in Talent යන අනු තරග සියල්ලම ජය ගැනීමට සමත් වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තරගය සඳහා ජපානය, ඇමෙරිකාව, තායිලන්තය, පිලිපිනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිංගප්පූරුව, නයිජීරියාව ඇතුළු රටවල් ගණනාවක රූමත් තරුණියන් සහභාගී වී ඇති බවද සඳහන්.