අබ්දුල්ලා ෂෆීක් සිය මංගල ද්විත්ව ශතකය වාර්තා කරයි

අබ්දුල්ලා ෂෆීක් සිය මංගල ද්විත්ව ශතකය වාර්තා කරයි

පකිස්තාන ආරම්භක පිතිකරු අබ්දුල්ලා ෂෆීක් මීට සුළු මොහොතකට පෙර සිය මංගල ද්විත්ව ශතකය ලබා ගැනීමට සමත් වුණා.

මේ වන විට පන්දුවට පහර දෙන පකිස්ථාන කණ්ඩායම කඩුලු 4ක් දැවී 458ක් ලබා සිටිනවා.

මේ අතර පන්දුව හිසේ වැදීම හේතුවෙන් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක සෆ්රාස් අහමඩ් ට ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනයේදී පිටියෙන් ඉවත්වීමට සිදු වුනා.

ඔහු පන්දුවට පහරදෙමින් සිටියදී අසිත ප්‍රනාන්දු යැවූ බවුන්සර් පන්දුවක් ඔහුගේ හිසේ වැදුණු අතර ඉන් මොහොතකට පසු වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සඳහා ඔහු පිටියෙන් ඉවත් වුනා.

ඒ අනුව ඔහු වෙනුවට මොහොමඩ් රිස්වාන් “Concussion Sub” ලෙස මෙම තරගයට යෙදවීමට පාකිස්තාන ක්‍රිකට් කළ ඉල්ලීමට තරග තීරක ඩේවිඩ් බූන් එකඟ වී තිබෙනවා.

ඒ අනුව ඔහුට මෙම තරගයේදී පාකිස්තානය වෙනුවෙන් කඩුලු රැකීමට සහ පන්දුවට පහරදීමේ අවස්ථාව රිස්වාන් ට හිමිවනවා.