“ඊ බස්රථ” නියමු ව්‍යාපෘතියක්

“ඊ බස්රථ” නියමු ව්‍යාපෘතියක්

“ඊ බස්රථ” නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

කාර්යක්ෂම සහ ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ඇති කිරීමට විදුලියෙන් ධාවනය වන බස් රථ 50ක් යොදාගෙන මෙම ව්‍යාපෘතිය සිදුකරන අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව තිබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.

“ස්ථාවර රටකට සැවොම එක මඟකට ” මැයෙන් අද (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස පළ කළ අතර විදුලියෙන් ධාවනය වන බස් රථ ප්‍රචලිත කිරීම සඳහා එම වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කිරීම අමාත්‍යාංශයේ අරමුණ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශකර සිටියා.

COMMENTS