නෝර්වේ තානාපති කාර්යාලය වැසෙයි

නෝර්වේ තානාපති කාර්යාලය වැසෙයි

මෙරට නෝර්වේ තානාපති කාර්යාලය අද (31) සිට වසා දැමීමට නියමිතයි.

විදෙස් රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල ජාලයේ සිදු කෙරෙන ව්‍යුහාත්මක වෙනස්කම් හේතුවෙන් කොළඹ පිහිටි තානාපති කාර්යාලය වසා දැමීමට පියවර ගන්නා බවයි පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් නෝර්වේ රජය සඳහන් කළේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ද්විපාර්ශවික සබඳතා සඳහා අවශ්‍ය කටයුතු ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි නෝර්වේ තානාපති කාර්යාලය හරහා සිදුකෙරෙන බවද එම නිවේදනයේ දැක්වුණා.

ඊට අමතරව ස්ලොවැකියා, කොසෝවෝ සහ මැඩගස්කර් යන රටවල් කිහිපයක පිහිටි නෝර්වේ තානාපති කාර්යාලවල කටයුතුද මේ වසරේ අත්හිටුවීමට නියමිත බව සඳහන්වෙයි.

COMMENTS