තුල්හිරියේ බස් අනතුරක් – කාන්තාවක් මරුට, 22කට තුවාල

තුල්හිරියේ බස් අනතුරක් – කාන්තාවක් මරුට, 22කට තුවාල

වරකාපොළ, තුල්හිරිය ප්‍රදේශයේදී අද (02) පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් පුද්ගලයින් 22ක් තුවාල ලබා තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ගල් ගමුව ඩිපෝවට අයත් මාර්ග අංක 57 යටතේ අනුරාධපුර සිට කොළඹ බලා ගමන් ගන්නා බස් රථයක් සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ මුවර් රථයක මුහුණට මුහුණලා ගැටීමෙනි.

තුල්හිරිය තැපැල් කාර්යාලය අසලදී සිදු වූ මෙම අනතුරින් බස් රථය පෙරලී ගොස් තිබෙයි.

තුවාල ලැබූවන් අලව්ව රෝහලට ඇතුළත් කර ඇත.

COMMENTS