අජිත් රෝහණ ගේ පෙත්සම සලකාබැලීම කල්යයි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම, කල් තබා තිබෙනවා.
ඒ අනුව සැප්තැම්බර් මස 04 වනදා මෙම පෙත්සම සලකාබැලීම කැඳවන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ.
වෙනත් නඩු විභාගයක් අද(03) පැවැත්වීමට නියමිත වූ බැවින් විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ, මෙම පෙත්සම සලකාබැලීම කල් තබන බවයි.
අජිත් රෝහණ විසින් තමන්ට සාධාරණ හේතුවක් රහිතව ලබාදී තිබෙන ස්ථාන මාරුව බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර ඇත්තේ.

