ලාෆ් මිල ගැන දැනුම්දීමක්

ලාෆ් ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බවයි.
පවතින මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු නොවන බව එහි ප්‍රධාන විධායක නිලධාරී වැඩිදුරටත් සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර මිල සූත්‍රයට අනුව අද දිනයේ මිල සංශෝධනයක් සිදුකළ යුතුව ඇතත් ගෑස් මිලෙහි වෙනසක් සිදු නොකරන බව ලිට්රෝ ගෑස් සමාගම ද සඳහන් කර සිටියා.
කොළඹ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපතිවරයා මේ බව පවසා සිටියා.
ලෝක වෙළඳපලේ ගෑස් මිල ඉහළ ගියද මෙරට ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බවත්, එමඟින් සමාගමට කිසිදු අලාභයක් සිදු නොවන බවයි ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පෙන්වා දුන්නේ.
වසරේ මේ දක්වා අවස්ථා 04 කදී ගෑස් මිල සංශෝධනය වූ අතර ඒ සෑම අවස්ථාවකදීම මිල අඩු කෙරුණා.

