පිටිය මැද වලි දා ගත් කුසල්ට සහ චාමිකට දඩ

පිටිය මැද වලි දා ගත් කුසල්ට සහ චාමිකට දඩ

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ක්‍රීඩා ආචාරධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාව මත හසන් අලීට තරඟ ගාස්තුවෙන් සියයට 15ක දඩයක් සහ දඩුවම් ලකුණක් පැනවිටම තීරණයට කර තිබෙනවා.

ඒ පසුගිය 05 වනදා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දඹුල්ල සහ කොළඹ කණ්ඩායම් අතර පැවති තරඟයේදී ක්‍රීඩා ආචාරධර්ම උල්ලංඝනය කිරීම හේතුවෙන්.

එමෙන්ම එම තරඟයේදීම ක්‍රීඩා ආචරධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ දඹුල්ල කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට ද තරඟ ගාස්තුවෙන් සියයට 10ක දඩයක් සහ දඩුවම් ලකුණක් පැනවීමට තරඟ සංවිධායකයින් තීරණය කළා.

කොළඹ කණ්ඩායමේ ක්‍රීඩක චාමික කරුණාරත්නට චෝදනා දෙකක් යටතේ තරඟ ගාස්තුවෙන් සියයට 30ක දඩයක් සහ සියයට 25ක දඩ මුදලක් නියම කර ඇති අතර ඔහුට එම චෝදනා දෙකට දඩුවම් ලකුණු 3ක් පැනවිටම තිරණය කෙරුණා.

එමෙන්ම පසුගිය ජූලි මස 30 වනදා ජැෆ්නා සහ කොළඹ කණ්ඩායම් අතර පැවති තරඟයේදී තරඟ නීති කැඩූ නසීම් ෂාට තරඟ ගාස්තුවෙන් සියයට 20ක දඩයක් සහ එක දුඩුවම් ලකුණක් පැනවීමටයි තරඟ සංවිධායකයින් තීරණය කළේ.

මේ අතර එල්පීඑල් තරඟවලියේ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරඟයෙන් ලකුණු 9ක ජයක් ලබා ගැනීමට දඹුල්ල කණ්ඩායම සමත් වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුළු 8ක් දැවී ලකුණු 134ක් රැස් කළ අතර ජැෆ්නා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 125ක් පමණයි.