වියළි කාලගුණය නිසා ජලය බෙදා හැරීම කාලසටහනකට

වියලි කාලගුණය හේතුවෙන් ප්‍රමාණවත් ජලය නොමැති වීමෙන් ජල සම්පාදන මණ්ඩලයේ ඇතැම් ප්‍රාදේශීය ජල සම්පාදන මධ්‍යස්ථාන මගින් නිෂ්චිත කාල සටහනක් අනුව ජලය පාරිභෝගිකයින්ට බෙදා හරින බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.
ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සැලසුම් අධ්යක්ෂ අනෝජා කළුආරච්චි මහත්මිය සඳහන් කළේ, තංගල්ල ප්‍රාදේශීය ජල මධ්‍යස්ථානයෙන් ජලය බෙදා හැරීම මේ වනවිට කාල සටහන් අනුව සිදු කරන බවය.
ඊට අමතරව ඇතැම් ප්‍රදේශවලට ජල බවුසර් යොදා ගෙන ජලය බෙදා හරින බව ද ඇය සඳහන් කළා ය.
ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සැලසුම් අධ්යක්ෂ අනෝජා කළුආරච්චි මහත්මිය පැවසුවේ, නිකවැරටිය, හෙට්ටිපොළ, මහනුවර පුස්සැල්ලාව, ගම්පොලවත්ත යන ප්‍රාදේශීය ජල මධ්‍යස්ථානවල ද ජලය බෙදා හැරීම කාලසටහන් අනුව සිදු වන බවයි.

