සහල් හිඟයක් නෑ – මෝල් හිමියන්

ප්රමාණවත් පරිදි සහල් තොග තමන් සතුව පවතින බවත්, සහල් හිඟයක් පිළිබඳව කිසිදු බියක් ඇතිකර නොගන්නා ලෙසත් මහා පරිමාණ මෝල්හිමියන් පාර්භෝගිකයින්ට දැනුම් දෙනවා.
වියළි කාලගුණයත් සමඟ ගොවිතැනට එල්ලවී ඇති බලපෑම් හමුවේ, ඉදිරියේ දී වෙළඳපොලේ සහල් හිඟයක් ඇතිවිය හැකි බවට ඇතැම් පාර්ශවයන් අදහස් පළ කර තිබුණා.
කෙසේ වෙතත් ප්රමාණවත් පරිදි සහල් තොග තමන් සතුව පවතින බවයි මහා පරිමාණ මෝල්හිමියන් සඳහන් කළේ.
මේ අතර මරදගහමුල එක්සත් සහල් හිමියන්ගේ සංගමයේ සභාපති බී. කේ. රංජිත් කියා සිටියේ ඉදිරි මාස 6 සඳහා ප්රමාණවත් පරිදි සහල් තොග පවතින බවයි.

