හදිසි මිලදී ගැනීමක් නොකළොත් විදුලිය කපන්න වෙයි – ඇමති කංචන

මේ දිවනවල පවතින උග්‍රජල හිඟය හේතුවෙන් උඩවලව ජලාශය සම්පුර්ණයෙන්ම හිඳී ගොස් තිබෙනවා.
උඩවලව ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 217800 ක් වන අතර අද වන විට එහි සමස්ථ ජල ධාරිතාව අක්කර අඩි 956 ක් වන 0.45% අවම මට්ටමකයි පවතින්නේ.
මේ හේතුව නිසා අද (08) අළුයම සිට සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට දිනකට ජලය කියුබික් මීටර් මිලියන 3.5 බැගින් ජලය නිකුත් කිරීම සිදුකරනවා.
මේ ආකාරයට සමනල වැවෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කිරීම නිසා අගෝස්තු 16 වන දින විට සමනල වැවේ ජලයද අවසන් වීමට නියමිතයි.
අගොස්තු 15 වන විට විකල්ප විදුලි මිලදී ගැනීම් මගින් ව්දුලිය ලබා ගැනීම සිදු නොකළ හොත් අනිවාර්යයෙන්ම අගොස්තු 16 වෙනිදා සිට මාතර, ගාල්ල, හම්බන්තොට හා රත්නපුර යන දිස්ත්‍රික්කවලට දිනකට පැය තුනක් දහවල් කාලයේ පැය 01 ක් හා රාත්‍රී කාලයේ පැය 02 ක් බැගින් විදුලිය කැපීමක් සිදු කළ යුතු වෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

