ඉඩෝරය නිමා කරමින් බදුල්ල, නුවරඑළිය සහ මොණරාගලට වැසි

මාස ගණනක් පැවති වියලි කාළගුණය නිම කරමින් මොණරාගල අවට ප්රදේශ කිහිපයකට අද අධික වර්ෂාවක් පතිත වී තිබෙනවා.
එම වැසි සමඟ මිනිත්තු 2 ක පමණ කාලයක් ස්ථාන කිහිපයකට අයිස් වැස්සක්ද වැටී ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ අතර බදුල්ල, හාලිඇල, බණ්ඩාරවෙල, ගිනිගත්හේන, ලක්ෂපාන, කිතුල්ගල ඇතුළු ප්රද්ශ ගණනාවකටද අද තද වැසි ඇඳහැලී තිබුණා.

