ඖෂධ වර්ග 5ක් භාවිතයෙන් ඉවතට

මේ දිනවල ශ්රී ලංකාව තුළ ඖෂධ සහ එන්නත් විෂ වීමෙන් රෝගීන් මිය යෑමේ ප්රවණතාව වැඩි වී තිබීම හේතුවෙන් ඖෂධ නියාමන අධිකාරිය විසින් එන්නතක් ද සමඟ ඖෂධ වර්ග 5ක් භාවිතයෙන් ඉවත් කර තිබෙනවා.
ඖෂධ නියාමන අධිකාරිය දන්වා ඇති පරිදි එම ඖෂධ වර්ග වන්නේ, පෙඩ්රිසොලෝන්, ප්රෙපොෆෝල් එන්නත, බුපිවකේන්, ඇමෙක්ෂිලේව් සහ සෙෆ්රිසෝන්.
ඖෂධ මිල දී ගැනීමේ ප්රසම්පාදන ක්රියාවලියකට හෝ ඖෂධ ආනයනය කිරීමේ ක්රියාවලියකට හෝ ජාතික නියාමන අධිකාරිය මැදිහත් නොවන අතර ඖෂධයක් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතු වුවහොත් ඊට මැදිහත් වන බව ද එම අධිකාරිය සඳහන් කරනවා.

