යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී අයෝමාල් අකලංකට රිදී පදක්කමක්

කැරිබියන් රාජ්‍යයක් වන ටි්රනිඩෑඩ් හා ටුබෑගෝ හි පැවැත්වෙන යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තවත් පදක්කම් දෙකක් ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.
ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම පැවති මීටර 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට අයෝමාල් අකලංක සමත්වුණා.
ඔහු එහිදී දැක්වූ දක්ෂතාව තත්පර 51 යි දශම හයයි එකක්.
ඊයේ එහි මූලික වටයේ තරගයට සහභාගිවූ අකලංක එම ඉසව්ව නිම කළේ තත්පර 51 යි දශම නවයයි නවයකින්.
අයෝමාල් අකලංක අඹගමුව මහා විද්‍යාලයේ සිසුවෙකු වනවා.
එමෙන්ම උස පැනීම ඉසව්ව නියෝජනය කළ නිලුපුල් තේජාන් මීටර 2 ක දක්ෂතාවක් දක්වමින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි කරගත්තා.
මීටර 400 කඩුලු මතින් දිවීමේ කාන්තා ඉසව්ව නියෝජනය කළ ශලනි හංසිකා ට හිමිවූයේ එහි හතරවන ස්ථානයයි.

