උඩවලවේ ජලය ප්‍රමාණවත් දින 3කට පමණයි – මහවැලි අධිකාරිය

උඩවලව ජලාශයේ පවතින ජල ධාරිතාව ප්‍රමාණවත් වන්නේ දින තුනකට පමණක් බව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.
එම අධිකාරිය සඳහන් කළේ, මේ වන විට එහි අක්කර අඩි 5000 ක පමණ ජල ධාරිතාවක් පවතින බවයි.
සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ඊයේ (12) නිකුත් කෙරුණු ජල ධාරිතාව අක්කර අඩි 2300 ක්.
ඒ අනුව වම් ඇළ හරහා මයුරපුර සහ සූරියවැව ප්‍රදේශවලට ඊයේ පස්වරුවේ ජලය නිකුත් කෙරිණි.
දකුණු ඇල හරහා සඳුදා දක්වා අගුණුකොළපැලැස්සට ජලය නිකුත් කෙරෙන බව, මහවැලි අධිකාරිය සඳහන් කළේ ය.
මේ අතර සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය මුදාහැරීම ආරම්භ කර දින 05ක් ගතවුව ද මේ දක්වාත් ඇතැම් ගොවිබිම්වලට ජලය ලැබී නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි.
අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ දී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, සිදුව ඇති දරුණු වගා හානිය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වන බවය.
ඉදිරියේ දී සියලු ජලාශ එකම ස්ථානයකින් පාලනය වන ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා අවධානය යොමුකර ඇති බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර ඇත.

