තුවාලයකට ප්‍රතිකාර ගන්න ගම්පහ රෝහලට ගිය අයෙක් මරුට

ඖෂධ අසාත්මිකතාවයක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේදී රෝගියෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
තුවාලයකට ප්‍රතිකාර කිරීම සඳහා පසුගිය 06 වනදා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙක් එසේ මියගොස් ඇත.
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ ලබාදුන් ප්‍රතිජීවක ඖෂධයක් හේතුවෙන් ඇතිවූ ආසාත්මිකතාවක් මත රෝගියා මියගොස් ඇති බවය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, සිද්ධියත් සමග අදාළ ප්‍රතිජීවක ඖෂධය භාවිත කිරීම තාවකාලිකව අත්හිටවූ බවය.
පසුගියදා මතභේදයට තුඩුදුන් ඖෂධ ආසාත්මිකතා සිදුවීම් පිළිබඳ සොයාබැලීමට පත්කළ විශේෂඥ කමිටුවේ නිගමනයන්ට අනුව රෝගීන් දෙදෙනෙකුගේ මරණය පමණක් එම ආසාත්මිකතාව හේතුවෙන් සිදුවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.

