අඛණ්ඩ විදුලි සැපයුමක් ගැන අද විශේෂ සාකච්ඡාවක්

කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයුම පවත්වාගෙන යාමට ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට අද(14) විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ප්‍රකාශ කළේ, විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් ඊට සහභාගි වන බවයි.
කෙසේ වෙතත් ඉදිරියේදී විදුලිය මිලදී ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා ටෙන්ඩර් කැඳවීමට පියවර ගන්නා බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.
රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, සැලසුම් සහගත විදුලිය කප්පාදුවක් සිදුවනු ඇතැයි අනියත බියක් ඇතිකර නොගත යුතු බවයි.

