විදුලි කප්පාදුවක් සිදු නොකරන බවට ඇමති කංචනගෙන් සහතිකයක්

කිසිසේත් විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අවධාරණය කරනවා.
අවශ්‍යතාවක් ඇති වුවහොත් පමණක් මිලදීගැනීම් සිදු කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බවයි අමාත්‍යවරයා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ.
අලුත්වැඩියා කිරීම් සදහා තාවකාලිකව නතරකර තිබූ නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය ද අද රාත්‍රියේ සිට ජාතික පද්ධතියට එක්කරන බව අමාත්‍යවරයා සදහන් කළා.

