සතොස අත්‍යවශ්‍යය භාණ්ඩ කිහිපයක මිල බස්සයි

සතොස අත්‍යවශ්‍යය භාණ්ඩ කිහිපයක මිල බස්සයි

ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍යය පාරිභෝගික භාණ්ඩ 09 ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පහත සඳහන් භාණ්ඩවල මිල පහළ දමා ඇති අතර දිවයින පුරා ඇති සතොස අලෙවිසල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට ලබාගත හැකි බවයි වාර්තා වන්නේ.

මෙම මිල සංශෝධන හෙට (17) සිට ක්‍රියාත්මකයි.

භාණ්ඩය නව මිල ලාභය
LSL කිරිපිටි 400g රු 970.00 29.00
සෝයා මීට්(තොග) 1kg රු 625.00 25.00
හාල්මැස්සන් (තායි) 1kg රු 1160.00 15.00
බාස්මිති 1kg රු 675.00 15.00
දුඹුරු සීනී 1kg රු 35.00 10.00
අර්තාපල් අල 1kg රු 325.00 5.00
කඩල රු 555.00 5.00
සුදු ළුණූ රු 630.00 5.00
රතු කැකුලු රු 147.00 2.00