ලොව වේගවත්ම මිනිසා නෝවා ලයිල්ස්

අමෙරිකානු කෙටි දුර ධාවන ශූර නෝවා ලයිල්ස් ලොව වේගවත්ම මිනිසා බවට පත් වී තිබෙනවා.
ඒ, හංගේරියාවේ පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 100 පිරිමි අවසන් තරගය තත්පර 9.83 කින් නිම කරමින්.
එම තරගාවලියේ දෙවන ස්ථානයට පත්වුණේ දකුණු අප්‍රිකානු රාජ්‍යයක් වන බොට්ස්වානා ක්‍රීඩක ලෙට්සිල් ටොබේගේයි. තරගය නිම කිරීමට ඔහු ගත කළ කාලය තත්පර 9.88 ක්. එමෙන්ම බ්‍රිතාන්‍ය ක්‍රීඩක සාහේල් හියුස් තත්පර 9.88 කින් තරගය නිම කරමින් තුන්වන ස්ථානයට පත්ව තිබෙනවා.
ඔහුට තුන්වන ස්ථානය හිමිව තිබුණේ තත්පරයෙන් දහසකින් එකක පමාවක් හේතුවෙන් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එය මීටර 100 පිරිමි ඉසව්වේ බ්‍රිතාන්‍ය ජාතිකයකු වසර විස්සකට පසු දිනූ පළමු පදක්කම බව ද සඳහන්.

