LPL කිරුළ නුවරට

LPL කිරුළ නුවරට

ලංකා ප්‍රීමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය දඹුල්ල අවුරා කණ්ඩායම පරාජයට පත් කරමින් බී ලව් කැන්ඩි කණ්ඩායම කඩුලු 5කින් ජයග්‍රහණය කරනු ලැබුවා.

LPL අවසන් මහා තරගයේදී බී ලව් කැන්ඩි කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඇන්ජලෝ මැතිව්ස්ට පැවරී තිබුණා.

ඒ පෙරේදා ගෝල් ටයිටන්ස් කණ්ඩායම සමඟ පැවති අවසන් වටයේ තුන්වැනි තරගයේදී වනිඳු හසරංග ආබාදයකට ලක්වීම හේතුවෙන්.

මෙම තරගයේ කාසිය වාසිය දිනා ගත් දඹුල්ල නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව දඹුල්ල අවුරා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 147ක්.

මේ අතරවාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද LPL අවසන් මහා තරගය නැරඹීමට එක්ව සිටියා.

ධනංජය ද සිල්වා ලකුණු 40යි.

පන්දු යැවීමේදී චතුරංග ද සිල්වා ලකුණු 25කට කඩුලු දෙකක් බිඳ දැමුවා.

ජයග්‍රහණය සඳහා ලකුණු 148ක ඉලක්කයක් හඹා ගිය බී ලව් කැන්ඩි කණ්ඩායම තරගයේ අවසන් පන්දුවාරයේ 5වන පන්දු වේදී තමන්ට නියමිත ඉලක්කය සපුරා ගත්තා.

බී ලව් කැන්ඩි කණ්ඩායම වෙනුවෙන් Kamindu Mendis ලකුණු 44ක්ද Mohammad Haris ලකුණු 26ක් සහ Angelo Mathews නොදැවී ලකුණු 25ක් රැස් කරමින් තම කණ්ඩායම ජයග්‍රහණය සදහා රැගෙන ගියා.

පන්දු යැවීමේදී දඹුල්ල අවුරා කණ්ඩායම වෙනුවෙන් Noor Ahmad කඩුලු 3ක් සහ Binura Fernando කඩුලු 2ක් දවා ගනු ලැබුවා.