අද සාමාන්‍ය කාලගුණයක්

අද සාමාන්‍ය කාලගුණයක්

අද (24) දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන්.

දිවයින පුරා සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සාමාන්‍ය කාලගුණයක් පවතිනු ඇති.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

COMMENTS