එක්දින ලෝක කුසලානයේ පුහුණු තරඟ කාලසටහන එළියට

ඉන්දියාවේදී ඔක්තෝම්බර් මස 5 වනදා ආරම්භ වන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එක් කණ්ඩායමකට පුහුණු තරග දෙක බැගින් හිමිව ඇති අතර, එම සියලු තරග ඉන්දියාවේ ක්‍රීඩාංගන 3ක දී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
සැප්තැම්බර් 29 වනදා ලෝක කුසලානයේ පුහුණු තරග ආරම්භ කරමින් පළමු තරගය ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ගුවහටි හිදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව සහභාගිවන දෙවන පුහුණු තරගය ඔක්තෝම්බර් මස 3 වනදා පැවැත්වෙන්නේ ඇෆ්ගනිස්ථානය සමගයි.
ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය පසුගිය ලෝක ශූරයින් වූ එංගලන්තය, නවසීලන්තය සමග ඔක්තෝම්බර් 5 වනදා අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.


