මහ බැංකුවේ තැන්පතු පහසුකම් ගැන තීරණයක්

මහ බැංකුවේ තැන්පතු පහසුකම් ගැන තීරණයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 11 ක මට්ටමක පවත්වා ගැනීමට තීරණය කොට තිබෙනවා.

එමෙන් ම නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 12.00 මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කොට ඇති බවයි වාර්තා වෙන්නේ.

චීනයේ හුවමාරු පහසුකම ඇතුළුව දළ නිල සංචිත මට්ටම 2023 ජූලි මස අග වන විට අමරිකානු ඩොලර් බිලියන 3.8 ක් පමණ ලෙස ඇස්තමේන්තු කර ඇති බවත් මහ බැංකුව සඳහන් කොට සිටිනවා.

මේ අතර උකස් පහසුකම් සඳහා වාර්ෂිකව 18%ක උපරිම පොලී අනුපාත සීමාවක් පැනවීම ද ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

තාවකාලික අයිරා මත වාර්ෂිකව සියයට 23ක සීමාවක් සහ ක්‍රෙඩිට් කාඩ් පහසුකම් මත වාර්ෂිකව 28%ක පොලි සීමාවක් පැනවීමටත් ඔවුන් තීරණය කර තිබෙන්නේ.

සියලුම බලපත්‍ර ලාභී බැංකු වෙත මෙම නියෝග නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

COMMENTS