වෑන් රථයක් ඇලකට පෙරලී 4ක් රෝහලේ

වෑන් රථයක් ඇලකට පෙරලී 4ක් රෝහලේ

පොළොන්නරුවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී කුඩා වෑන් රථයක් දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ දී අද (24) ඇළකට පෙරලී තිබෙනවා.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ එකම පවුලේ පස් දෙනෙක් ගමන් ගත් වෑන් රථයක්.

වාහනය පදවා ඇත්තේ එම පවුලේම සාමාජිකයෙක් වන අතර ඔහුට නින්ද යාම නිසා අධික වේගයෙන් පැමිණි රථය අඩි තිහක් පමණ ප්‍රපාතයකට පෙරලී ඇති බවයි වාර්තා වෙන්නේ.

එම අනතුරෙන් හතර දෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය සඳහන් කරන්නේ මෙසේ තුවාල ලැබූවන් අතර වයස අවුරුදු පහක කුඩා දියණියක් ද සිටින බව‍යි.

COMMENTS