සිව්වන කුඹල් පෙරහර අද – මහනුවර අවට විශේෂ රථවාහන සැලැස්මක්

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයයේ සිව්වන කුඹල් පෙරහර වීථි සංචාරය කරන අද (24) දිනයේ මහනුවර අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පෙරහර අද රාත්‍රී 06 යි 57 ට දළදා වීදිය, කොටුගොඩැල්ල වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට ගමන්කර මාලිගාවට ගෙවැදීමට නියමිත බවයි.
ඒ අනුව කටුගස්තොට සිට මහනුවර නගරයට පැමිණෙන සියලු බර වාහන මහයියාව හන්දියෙන්, තිලකරත්නායක මාවත ඔස්සේ පොලිසිය හන්දියෙන් මහනුවර නගරය වෙත ගමන්කළ හැකියි.
කටුගස්තොටින් පැමිණෙන සැහැල්ලු වාහන ඩී.එස්. සේනානයක වීදිය ඔස්සේ පැමිණ හරස් වීදියට අවතීර්ණ වී යටිනුවර වීදිය හන්දියෙන් දකුණට හැරී, මීරමක්කම් පල්ලිය අසළින් වමට ධාවනය කර තිලක් රත්නායක මාවත ඔස්සේ ගමන්කිරීමට හැකියාව පවතිනවා.
එමෙන්ම කටුගස්තොට දෙසට පිටවන වාහන දළදා වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. වීදිය ඔස්සේ ගමන්කළ හැකි අතර මහනුවරට කොළඹ දෙසින් ඇතුළුවන හා නගරයෙන් කොළඹ දෙසට පිටවන වාහන සඳහා පරණ පේරාදෙණිය පාර සහ විලියම්ගොපල්ලව මාවත භාවිතකළ හැකි බවයි පොලිසිය සඳහන් කළේ.

