අද දිස්ත්‍රික්ක නවයක රස්නය වැඩි වෙයි

අද දිස්ත්‍රික්ක නවයක රස්නය වැඩි වෙයි

අද (28) දිවයිනේ දිස්ත්‍රික්ක නවයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, මුලතිවු, වවුනියාව, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර, බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්කවල උෂ්ණත්වය මෙලෙස වැඩි වී ඇති බවයි.

සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම දිස්ත්‍රික්කවල වෙසෙන ජනතාව විශේෂයෙන් කුඩා දරුවන්, වැඩිහිටි පුද්ගලයින් සහ විවිධ රෝග පීඩාදියෙන් පෙළෙන අය කෙරේ වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ඔවුන් වැඩි ප්‍රමාණයක් ජලය පානය කළ යුතු බවයි.

විශේෂයෙන් කුඩා දරුවන් දිනකට දෙවරක් වත් නෑවිය යුතු බව වෛද්‍යවරුන් පවසනවා.

COMMENTS