“අස්වැසුම” ලබාගන්නා අයට විශේෂ දැනුම්දීමක්

“අස්වැසුම” ලබාගන්නා අයට විශේෂ දැනුම්දීමක්

1924 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ‘අස්වැසුම’ සම්බන්ධයෙන් සියලු විමසීම් සිදුකළ හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවැති මාධ්‍ය හමුවේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඒ අනුව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ එම අංකය ඔස්සේ සතියේ දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා සියලු විමසීම් සිදුකළ හැකි බවය.

මේ අතර ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ගෙවනු ලබන දීමනා දැනටමත් ගෙවා ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා එහිදී පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අස්වැසුම ප්‍රතිලාභීන් මිලියන 02 අතරින් ප්‍රතිලාභීන් මිලියන 1.5ක් සඳහා අදියර වශයෙන් ගෙවීම් ආරම්භ කර ඇති බවය.

ඒ අනුව පළමු අදියර යටතේ ප්‍රතිලාභීන් 689,803කගේ බැංකු ගිණුම්වලට රුපියල් බිලියන 4.395ක් දැනටමත් තැන්පත් කර ඇති බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.