ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය අද සිට ඇරඹෙයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය අද සිට ඇරඹෙයි

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (30) ආරම්භ වෙනවා.

ඒ පකිස්තානයේ මුල්තාන්හිදී.

පළමු තරගය ලෙස A කාණ්ඩයෙන් තරඟ වදින්නේ පකිස්තානය හා නේපාලයයි.

A කාණ්ඩය යටතේ තරග වදින රටවල් වන්නේ පකිස්තානය, ඉන්දියාව සහ නේපාලයයි.

මෙවර ආසියානු කුසලාන තරගාවලිය සඳහා B කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතය බවයි සඳහන් වන්නේ.

එම තරඟය හෙට (31) පැවැත්වීමට නියමිත බවයි.

මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් 4 දෙනෙකු ආබාධිත තත්ත්වය හේතුවෙන් සංචිතය සඳහා කැඳවා නොමැති බවයි වාර්තා වන්නේ.

ඒ වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර සහ දිල්ශාන් මදුසංක යන ක්‍රීඩකයන්ය.