ශ්‍රී ලංකා ක්‍රිකට් කෙල්ලන්ට ඉතිහාසගත ජයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ පළමුවරට එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත්කිරීමට ඊයේ (02) සමත්විය.
ඒ, සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැති දෙවැනි 20යි 20 ක්‍රිකට් තරඟය කඩුලු 8කින් ජයග්‍රහණය කරමිනි.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා එංගලන්ත කාන්තා කණ්ඩායමට ආරාධනා කළේය.
ඒ අනුව එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 13යි පන්දු 2ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 104ක් රැස් කළේය.
ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සිය ජයග්‍රහණය කඩුලු 2ක් පමණක් දැවී ලබාගැනීමට සමත්වූහ.
වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නායිකා චමරි අතපත්තු පන්දු 31කදී ලකුණු 55ක් රැස්කළාය.

