බංග්ලාදේශයට ලකුණු 89ක ජයක්

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගය බංග්ලාදේශය ලකුණු 89කින් ජය ගත්තේ ය.
තරගාවලියේ බී කාණ්ඩය තරගයක් වූ මෙය පකිස්ථානයේ ලාහෝර් නුවරදී පැවැත්විණි.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුළු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 334කි.
සිය දෙවැනි එක්දින ශතකය රැස් කළ මෙහිදි හසන් ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වන විට ලකුණු 112 ක් රැස්කරගෙන සිටියේ ය.
නජ්මුල් හුසේන් ශැන්ටෝ ලකුණු 104ක් රැස් කළේ ය.
නායක ශකීබ් අල් හසන් නොදැවී ලකුණු 32කි.
ලකුණු 335ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 44යි පන්දු 3ක් අවසානයේ ලකුණු 245කට දැවී ගියේ ය.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඊබ්‍රහීම් සද්රාන් ලකුණු 75කි.
නායක හෂ්මතුල්ලා ෂහීඩි ලකුණු 51ක් රැස් කළේ ය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ටස්කින් අහමඩ් කඩුලු 4ක් දවා ගත්තේ ලකුණු 44ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් ය.

