සචිත්‍ර සේනානායක රිමාන්ඩ්

සචිත්‍ර සේනානායක රිමාන්ඩ්

තරඟ පාවා දීමට යෝජනා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ලබන 15 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.

අද (06) පෙරවරුවේ ක්‍රීඩා දූෂණ විමර්ශන අංශයට ඉදිරිපත් වීමෙන් අනතුරුව එම අංශයේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

ඉන් අනතුරුව සචිත්‍ර සේනානායක අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

COMMENTS