ජූලි මාසයේ අස්වැසුම ප්‍රතිලාභීන්ට මුදල් බැංකු වෙත

ජූලි මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සඳහා රුපියල් මිලියන 1550 ක මුදලක් බැංකු වෙත බැර කර තිබේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ , ප්‍රතිලාභීන් දෙලක්ෂ 57,170 දෙනෙකු සඳහා ගෙවිය යුතු මුදල එලෙස බැර කළ බවයි.
ඒ අනුව අදාළ මුදල් හෙට දිනයේ ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත බැර කරනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේ ය.

