බස් රථයක් තුළ වෙඩි පත්තු වෙයි

අම්බලන්තොට ප්‍රදේශයේ බස් රථයක් තුළ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
වෙඩිතැබීමෙන් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් බස් රථය හරස් කර නවත්වා ඒ තුළට ඇතුළු වී අදාළ කාන්තාවට වෙඩි තබා තිබෙනවා.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කාන්තාව අම්බලන්තොට රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අම්බලන්තොට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

