කෙහෙළියට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද

කෙහෙළියට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද

සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය මඟින් ගෙන එනු ලැබූ විශ්වාස භංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද (08) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතය.

එම යෝජනාවට අදාළ ඡන්ද විමසීම පස්වරු 5.30ට පැවැත්වීමට නියමිතය. සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පෙරේදා (06) ආරම්භ විය. එම විවාදය ඊයේ (07) දිනයේදී සහ අද (08) දින ලෙස දින තුනක් විවාදයට ගනු ලැබීය.