සුපිරි සිව්දෙනාගේ වටයේ ප්‍රවේශ පත්වල මිල තවත් අඩුවෙයි

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ප්‍රවේශ පත්වල මිල ගණන් තවත් අඩුකර තිබේ.
ඒ අනුව C සහ D Upper Block කොටසේ ප්‍රවේශ පත්‍ර ගාස්තුව රු 1,000ක් දක්වා පහළ හෙළා ඇත.
මේ අතර, C සහ D Lower Block කොටසේ ප්‍රවේශ පත්‍ර ගාස්තුව රු 500ක් ලෙස දැක්වේ.
අද පස්වරු 3ට ආරම්භ වූ ඉන්දියා – පාකිස්තානය තරගය ඇතුළුව සියලුම සුපිරි සිව්දෙනාගේ තරග සඳහා මෙම මිල පහළ දැමීම අදාළ වේ.
ප්‍රවේශපත්‍ර කොළඹ විද්‍යා මාවතේ ස්ථාපිත කවුන්ටරයෙන් මිලදී ගත හැකිය.
එමෙන්ම http://pcb.bookme.pk වෙතින් මාර්ගගත ටිකට්පත් මිලදී ගත හැකිය.

