සුපිරි සිව්දෙනාගේ වටයේ ප්‍රවේශ පත්වල මිල තවත් අඩුවෙයි

සුපිරි සිව්දෙනාගේ වටයේ ප්‍රවේශ පත්වල මිල තවත් අඩුවෙයි

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ප්‍රවේශ පත්වල මිල ගණන් තවත් අඩුකර තිබේ.

ඒ අනුව C සහ D Upper Block කොටසේ ප්‍රවේශ පත්‍ර ගාස්තුව රු 1,000ක් දක්වා පහළ හෙළා ඇත.

මේ අතර, C සහ D Lower Block කොටසේ ප්‍රවේශ පත්‍ර ගාස්තුව රු 500ක් ලෙස දැක්වේ.

අද පස්වරු 3ට ආරම්භ වූ ඉන්දියා – පාකිස්තානය තරගය ඇතුළුව සියලුම සුපිරි සිව්දෙනාගේ තරග සඳහා මෙම මිල පහළ දැමීම අදාළ වේ.

ප්‍රවේශපත්‍ර කොළඹ විද්‍යා මාවතේ ස්ථාපිත කවුන්ටරයෙන් මිලදී ගත හැකිය.

එමෙන්ම http://pcb.bookme.pk වෙතින් මාර්ගගත ටිකට්පත් මිලදී ගත හැකිය.

COMMENTS