අද සිට කොළඹ හා තදාසන්න ප්රදේශවල නිවාසවලටම නැවුම් එළකිරි

කොළඹ හා තදාසන්න ප්රදේශවල නිවාසවලටම නැවුම් එළකිරි උදෑසන හා හවස් කාලය තුළ සැපයීමේ වැඩ පිළිවෙළක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් ආරම්භ කර තිබෙනවා.
පාසල් දරුවන් අතර පවතින මන්දපෝෂණ තත්ත්වය තුරන් කරලීම මෙහි ප්රධාන අරමුණයි.
ඒ අනුව අද (11) මෙහි පළමු අධියර ක්රියාත්මක වනු ඇති.
නාරාහේන්පිට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල පරිශ්රයෙන් මෙය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ප්රකාශ කළේ.

