චැනල් ෆෝ නාලිකාව එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයට කමිටුවක්

චැනල් ෆෝ නාලිකාව එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයට කමිටුවක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව විකාශය කළ වැඩසටහනකින් එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයට කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව එල්ල කළ චෝදනා පිළිබද විමර්ශනයට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගෙන් යුතුවයි මෙම කමිටුව පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ හා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ වාර්තා පිළිබද අවසන් තීරණයක් ගැනීමට පෙර එම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත්තේ.

COMMENTS