අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් වෙයි

අද (12) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කර ඒ අනුව ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
දිනෙන් දින ආරම්භ කෙරෙන දුම්රිය වැඩ වර්ජන නිසා රට තුළ ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

