ICC එක් දින ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රී ලංකාවට ලැබුණු තැන

නවතම ICC එක් දින ශ්‍රේණිගත කිරීම් වල පියවරක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා.
ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට එහි 8 වන ස්ථානයේ සිට 7 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති බවයි.
පළමු ස්ථානයේ ඕස්ට්‍රේලියාව පසුවන අතර දෙවන ස්ථානය හිමිව ඇත්තේ ඉන්දියාවටයි.
ඊයේ (14) පැවති තරඟය පරාජය වීමත් සමඟ පාකිස්තානය 2 වන ස්ථානයේ සිට 3 වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.


