සිරාජ්ගේ විශිෂ්ට ක්‍රියාව

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ වීරයා බවට පත්වූ ඉන්දියාවේ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් තමන්ට ලැබුණු අමෙරිකානු ඩොලර් 5000ක ත්‍යාග මුදල ක්‍රීඩාංගණයේ කාර්ය මණ්ඩලයට ප්රදානය කළේය.
ශ්‍රී ලංකාව සමඟ පැවති අවසන් තරගයේදී ඉන්දියාවට කඩුලු 10ක විශිෂ්ට ජයක් හිමිවිය.
සුපිරි පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් සිරාජ් ලකුණු 21කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය.

