රාජ්‍ය ආයතන 6ක් ඉදිරි දින කිහිපයේ කෝප් කමිටුව හමුවට

දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව සෙවීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන 6ක් ඉදිරි දින කිහිපයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.
ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව, කොළඹ විශ්වවිද්‍යාලය, ජාතික රක්ෂණ භාරකාර අරමුදල හා ඇල්කඩුව ප්ලාන්ටේෂන් සභාව මෙලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවනු ඇති.
ශ්‍රී ලංකා තේ මණ්ඩලය අද (19) කැඳවෙන අතර ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව හෙට (20) දිනයේ කෝප් කමිටුව හමුවට කැඳවෙනු ඇත.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය කෝප් කමිටුව හමුවට කැඳවන්නේ ලබන 03 වැනි දායි.

