කිවියන්ට සුපිරි ජයක්

කිවියන්ට සුපිරි ජයක්

ඉන්දියාවේ අහ්මදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී ඊයේ (05) පැවති එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය වන නවසීලන්ත සහ එංගලන්ත කණ්ඩායම් අතර තරගයේ ජය වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

පළමුව කාසියේ වාසිය නවසීලන්ත කණ්ඩායමේ නායකයා විසින් හිමි කර ගත් අතර, එහිදී නවසීලන්තය පළමුව පන්දුවට පහර දීමට එංගලන්තයට ආරාධනා කළා.

පන්දුවාර 50 අවසානයේ එංගලන්ත කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 282ක් ලබා ගැනීමට සමත් වුණා.

එහිදී එංගලන්ත කණ්ඩායමේ Joe Root පන්දු 86කට ලකුණු 77ක් ද, නායක Jos Buttler පන්දු 42කට ලකුණු 43ක්ද, Jonny Bairstow පන්දු 35කට ලකුණු 33ක්ද ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 283ක්.

එහිදී ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩාකළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 36යි පන්දු 02ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 283ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත් වුණා.

Devon Conway නොදැවී පන්දු 121කට ලකුණු 152යි. Rachin Ravindra නොදැවී පන්දු 96කට ලකුණු 123යි.

එමෙන්ම මෙම තරගය 2019 එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයේදී එංගලන්තය සමඟ පැවති තරගයේ නවසීලන්තය ලද පරාජයේ අමිහිරි අත්දැකීම් සමනය කිරීමක් බව විදෙස් විචාරකයින් පෙන්වා දෙනවා.

එක්දින ලෝක කුසලානයේ දෙවැනි තරගය හෙට පාකිස්ථානය සහ නෙදර්ලන්තය අතර හයිද්‍රාබාද් හිදී පැවැත්වීමට නියමිතයි.

COMMENTS