පාකිස්ථානයට සුපිරි ජයක්

පාකිස්ථානයට සුපිරි ජයක්

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අට වැනි තරඟය වන ශ්‍රී ලංකා සහ පාකිස්ථානය අතර තරගය හයිද්‍රාබාද් හි, රාජිව් ගාන්ධි අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී ඊයේ (10) පැවැත්වුණා.

එහිදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 50 දී කඩුලු 9 ක් දැවී ලකුණු 344 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි පාකිස්ථාන කණ්ඩායම පන්දු ඕවර 48 යි පන්දු 2 දී කඩුලු 4 දැවී ලකුණු 345 ක් ලබා ගත්තා.

Abdullah Shafique ලකුණු 113 ක් ද ,Mohammad Rizwan ලකුණු 131 ක් සහ Saud Shakeel ලකුණු 31 ක් පාකිස්ථානය වෙනුවෙන් ලබා ගත්තා.

පන්දු යැවීමේදී දිල්ශාන් මධුශංක කඩුලු 02 ක් ද මතීෂ පතිරණ කඩුලු 01 ක් ද, මහීෂ් තීක්ෂණ කඩුලු 01 ක් ද ලබා ගත්තා.

ඒ අනුව පාකිස්ථාන කණ්ඩායම කඩුලු 06 කින් අද තරගය ජයග්‍රහණය කළා.

මේ දක්වා පාකිස්ථානය හා ශ්‍රී ලංකාව එක්දින තරග 157 කදී දෙරට හමුවී ඇති අතර ඉන් තරග 93 ක් පාකිස්ථානය ජය ගෙන ඇති අතර ශ්‍රී ලංකාව තරග 59 ක් ජයග්‍රහණය කර තිබෙනවා.

ඉන් තරඟ 4 ක් විසඳුමෙන් තොරව අවසන් වී ඇති අතර එක් තරඟයක දෙරටේ ලකුණු සම තත්වයකට පැමිණ තිබෙනවා.

COMMENTS