GMOA වෙතින් ජනපතිට කරුණු 8කින් සමන්විත යෝජනාවලියක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ මෙම හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවූ බවය.
එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කරුණු 8කින් සමන්විත යෝජනාවලියක් ජනාධිපතිවරයා වෙත ලබා දී ඇත.
එම යෝජනා අතර බුද්ධි ගලනය, සෞඛ්‍ය අර්බුදය සහ වෛද්‍යවරුන්ට බලපාන කරුණු ඇතුළත් බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.
අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ එම සාකච්ඡාව සාර්ථක බවය.

