ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ

ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ

නිල්වලා ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව නිල්වලා ගංගා ද්‍රෝණිය අවට ජනතාවට මෙම තත්ත්වය පිළිබඳ වඩාත් සැලකිල්ලක් දක්වන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ඒ අනුව අද උදෑසන 9 සිට ඉදිරි පැය 24 දක්වා ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කර ඇත.

විශේෂයෙන් මම අනතුරු ඇඟවීමත් සමඟ අතුරු මාර්ග භාවිත කරමින් රිය ධාවනය කරන රියදුරන්ට වඩාත් සැලකිලිමත් වන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.